ගැමි සරණ මහ සංගමය

ආයතනයේ නම - හිගුරක්ගොඩ ගැමි සරණ මහා සංගමය

ලිපිනය - සතොස හන්දිය හිගුරක්ගොඩ

දුරකථන අංකය - 027 2247129

නගරය - හිගුරක්ගොඩ

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හිගුරක්ගොඩ

පළාත - උතුරු මැද පළාත

දිස්ත්‍රික්කය - පොලොන්නරුව

ආයතනය පිහිටුවනු ලැබු වර්ෂය - 1996

ආයතන ප්‍රධානි - චන්ද්‍රලතා කලිකොටුව මහත්මිය සභාපතිනි

විමසිය යුතු අය - චන්ද්‍රලතා කලිකොටුව මිය

සේවක සංඛ්‍යාව - ස්ථිර 2 ස්වෙච්ඡා 10

ආයතනයේ ස්වභාවය - ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධානයකි

නිල තත්වය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ලියාපදිංචි අංකය - එන්/සී/පි/එච්ජී/11බී/5/13

පරමාර්ථ - සිවිල් සමාජ ශක්තිමත් කිරීම තුළින් දිළිදු ජනතාවගේ ආර්ථික සමාජීය
හා සංස්කාතිකමය සංවර්ධනයක් ඇති කිරීම
දිළිදු ජනතාව ඉතිරි කිරීම් සහ කුඩා ව්‍යාපාර කෙරෙහි යොමු කිරිම
ස්වයං රැකියා සදහා අඩු පොළී ණය පහසුකම්
කුඩා කණ්ඩායම් ක්‍රමය තුළින් සාමූහිකව කටයුතු කිරිමේ අගය ප්‍රජාවට
වටහා දීම
ළමා පරපුරේ අභිවෘද්ධිය සදහා ළමා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

අරමුණු - ප්‍රදේශය තුළ ජීවත්වන අඩු ආදායම් ලාභී ජනතාවගේ ආර්ථික සාමාජීය
හා සංස්කෘතික සංවර්ධනය ඇති කිරීම තුලින් ශක්තිමත් සිවිල් සමාජ
ගොඩනගමින් තිරසාර සංවර්ධනය කරා යොමු කිරීම
ග්‍රාමීය මට්ටමේ ප්‍රජාවන්ගේ හැකියාව වර්ධනය සදහා සජීවීකරණ
ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීම
ග්‍රාමීය මට්ටමේ ජනතාවට විවිධ සේවාවන් සැපයීමේ අරමුණෙන් රාජ්‍ය හා
රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධතා ඇති කර ගැනීම
දිළිදු ජනතාව තුළ ස්ව ශක්තිය කෙරෙහි විශ්වාසය ඇති කිරීම

ඉලක්ක කණ්ඩායම් - හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිළිදු ජනතාව

ක්‍රියාකාරී බල ප්‍රදේශය - හිගුරක්ගොඩ ග්‍රාම නිලධාරී වසම් 10ක්

ක්‍රියාකාරකම් - සාම වැඩසටහන් පරිසර වැඩසටහන් සිවිල් සමාජය ශක්තිමත්
කිරීමේ වැඩසටහන් , ළමා වැඩසටහන් , කෘෂිකර්ම උපදෙස් , ස්ත්‍රී
පුරුෂ සමාජ භාවය ජල හා සනීපාරක්ෂාව , කුඩා කණ්ඩායම් ඉතිරි
කිරීම් , තාක්ෂණික පුහුණු , කාන්තා වැඩසටහන්

ආධාරක ආයතන - CARE, CHA, MHC, SAVE THE CHILDREN

ගැමි සරණ මහා සංගමය මගින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්

කුඩා කණ්ඩායම් ඉතිරි කිරීම් - එක් කණ්ඩායමකට සාමාජිකයින් පහ බැගින් ඇති කණ්ඩායම් සදහා අඩු පොළිය යටතේ රුපියල් ලක්ෂ 20ක පමණ සාමාජිකයින් 610කට ණය ලබා දීම සිදු කර ඇත. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 10ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතී.

සුබ සාධන වැඩසටහන් - මේ යටතේ අඩු ආදායම් ලාභී පවුල්වල අධ්‍යාපනය නැංවීම සදහා 1%ක පොලිය යටතේ රු 10000 දක්වා ණය ලබා දීම සිදු කරයි. මෙය ළමුන්ගේ අධ්‍යාපනය සදහා මහත් පිටුවහලක් වී ඇත.

ළමා වැඩසටහන් - සංවිධානය මගින් වැඩසටහන් ක්‍රියාත්මක කරන ග්‍රාම නිළධාරී වසම්වල ළමා සමාජ පිහිටුවා එම ළමුන්ගේ කුසලතා වර්ධනය කිරිම සදහා උපකාර කරනු ලබයි . ජංගම පුස්තකාල පිහිටු වීම.

පරිසර වැඩසටහන් - කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධව දැනුවත් කිරීමත්, කාබනික ගොවිතැන සදහා ජනතාව යොමු කිරීමත් සිදු කරනු ලබයි. 2005 වර්ෂයේදී රාජ්‍ය මගින් කාබනික ගොවිතැන සම්බන්ධව සම්මානයක්ද ලබාදී ඇත. CHA ආයතනයේ ආධාර මත පවුල් 27කට සත්ත්ව පාලනය සදහා උදව් කරනු ලබයි.

ජලය සහ සනීපාරක්ෂක වැඩසටහන් - මෙම වැඩසටහන් යටතේ හිගුරක්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගැමි සරණ වැඩසටහන් ක්‍රියාත්මක ප්‍රදේශවල වැසිකිලි 42ක් පානීය සහ ස්නානීය ජල ලිං 10ක් ඉදිකර ඇත. හතරැස්කොටුව ගම්මානයේ වැසිකිළි 80ක් හා ලිං 6ක් BHC ආයතනයේ ආධාර මත සිදු කර ඇත. ඇල ගම ගම්මානයේ පවුල් 50ක් සදහා ජල නල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර වැසිකිලි 50ක් ද ඉදිකිරීමට නියමිතය